Thursday, October 18, 2012

පොයියාගේ කතා-2 ඔර්ලෝසුවක් නැති සුද්දෙක්

කස්ටිය හැමොම දන්නවනේ පොයියා ව. ඕං උගෙ කලින් ආතල් එක බලන්න බැරි උන අයට මෙතනින් ඒක බලන්න පුළුවන්....
මේත් ඒ වගේ පොඩි සීන් එකක්. (ලොකු ලොකු ඒව ලියන්න දැන් වෙලාවක් නෑනෙ)
ඕං දවසක් ඉස්කෝලෙන් වලකට set වෙලා පොයියයි මායි town එකේ ඇවිදිනවලු.. කස්ටිය දන්නවනේ නුවර town එකේ මොන වෙලාවෙ බැලුවත් කාලකන්නි සුද්දෙක් ඉන්නවමයි.
ඉතින් අපි මාළිගාව ලගින් town එකට එන්ටර් වෙනකොටම එතනින් සුද්දෙක් ආපි.. ඒ යකා අපි දෙන්නා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඇවිල්ලා පොයියගෙන් ඇහුවා " excuse me my boy. Can u tell me the time please? " කියලා
( පොර නං මහ හිඟන සුද්දෙක්ද කොහෙද. උට ලංකාවට එන්න සල්ලි තියනවා ඒත් ඔරලෝසුවක් ගන්න සල්ලි නෑ.. මාර උන් තමයි. වෙලාවට මගෙ අතෙත් watch එකක් තිබුනෙ නෑ)

ඉතින් ඕක ඇහුව ගමන්ම දෙන්නටම ක්ෂනිකව දාඩියත් දැම්මා. ඇයි දෙයියනේ විභාගෙට ලකුනු අනූ ගනන් හැමදාම තිබුනට(ඇඩ් එකකි) මේ පාරේ යන එකෙක් එක පාරටම වෙලාව ඇහුවාම දන්න කඩ්ඩ ටිකත් අමතක වෙනවනෙ බයටම.
ඉතිං කරුමෙ කියන්නෙ පොයියා ගාව watch එකක් තිබුනා. මූ බැලුවා watch  එක දිහා. දැන් බයටම මුට වචන එන්නෙත් නෑ... එක පාරටම මූ..
"ටෙන් කාලයි"
සුද්දා උඩ බිම බලනවා. අන්තිමේදි watch එක පෙන්නලා තමා උට වැඩේ තේරුන් කරේ.
කථාවේ ආදර්ශය- කවදාවත් ඉස්කෝලෙන් පනින්න එපා.
               කවදාවත් watch බඳින්න එපා, :D

Monday, October 15, 2012

පොයියාගේ කථා 1

App එක් වැඩ කිරීමත් සමඟ ඇතිවූ සතුට නිම්හිම් නැතිය. දැන් ඉතින් හැමදාම බැරි උනත් Free වෙලාවක හිතෙන දෙයක් ලියන්න පුළුවන්. ගොඩක් ම තියෙන්නෙ ඉතින් ඉස්කෝලෙ fun තමයි...
මේක තාම ඉතාම ප්‍රාථමික මට්ටමේ testing blog එකක් නිසා වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවනම් තමා හොඳ.
ඒ නිසා anonymus comments ත් active කරා ඕං.
ෂාන් අයියා කිව්වා විදිහට සෙටින්ස් ත් වෙනස් කරා. තව වෙනස් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මට කියල දුන්නොත් ඇත්තෙන්ම ස්තුතියි.

So අපේ සෙක්ශන් එකේ ඉන්නවා බුවෙක් පොයියා කියලා. නමෙන්ම හිතාගන්න පුළුවන්නේ කියන කථා අනුව තමා card එක වැටිලා තියෙන්නෙ.
OL කරන කාලෙනම් අපේ පංතියේ හිටියේ. ඒත් දැන් පොර කරන්නෙ maths. ඒ හින්ද අපේ පංතියෙ නෙවෙයි..
මැන් ඉස්සර බොරු කියද්දි අපි ඒවා ගනන් කරන්න පුරුදු වෙලා හිටියා. ඒත් එකටත් සීමාවක් තියනවනේ ඒ යකා කියන බොරු වල හැටියට ඒව ගනන් කර කර හිටියොත් වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. දැනට man ගැන ඇති... මේ පොර ආශ්‍රිත කථා දෙකක්.

සඳුදා දවසක උදේ(science double)
මේකෙ ඉතින් අපි ඉන්නෙ සෑහෙන බයෙන්. කතා කරනවා,හිනා වෙනව සර් දැක්කොත් බඩු බනිස් එතනම. ඒත් ඉතින් අපි සිර් බෝඩ් එකේ ලියද්දි ලා එකෙන් කයිය දානවා.
(මාත් කිට්ටු වෙලා පොයියා ගාවට රහසින්)
මම- මචං මේ සතියේ saturday night movie බැලුවද itn එකේ??

පොයියා- ආහ් ඔවු බං. දෙකම බැලුවා උබ කියන්නෙ සෙනසුරාදා ගිය එකද නැත්නම් ඉරිද ගිය එකද?
(එතන පේලියම එකවර හිනාවූ නිසා අපි දෙන්නාටම periods 2ක් එලියේ දන ගහගෙන සිටීමේ වාසනාව උදා විය)
මේ ඒ වගේ තවත් එකක්.
පොර ඉන්නේ මාතලේ. එක පාරක් මූ ඉස්කෝලේ දානෙකට මොනවද බාරගෙන එදා උදේ dial එක නෑ. ඉතින් මැඩමුත් ඉවසල ඉවසල බැරිම තැන ගත්ත මුගෙ ගෙදරට කෝල් එකක්...7.25 ට විතර.
මැඩම්-hello ඉ*** පුතා ඉන්නවද?
පොයියා- ආහ් ඔවු. මං තමා කතාකරන්නෙ. කියන්න.
මැ- යකෝ මං class teacher අද එන්නෙ නැද්ද උබ?
පොයියා- ආ මැඩම් මං මේ එන ගමන් ඉන්නෙ. කටුගස්තොට හරියෙ සෑහෙන බ්ලොක් එක. එකයි පොඩ්ඩක් පරක්කු...!!!!

Testing ගූග්ල් බ්ලොගර් for Android

මෙය හුදෙක් ඇප් එක ටෙස්ට් කිරීම සඳහා පමනි.
මොබයිල් බ්‍රවුසර් එකෙන් යද්දි space තියන්න paragraph වෙන්කරන්න බෑ.
බලමු මේකෙන්වත් පුළුවන්ද කියලා

පැර 1

Paragraph 2

Photo testing


Friday, October 12, 2012

තව මාස 10යි

දෙයියනේ මේං මගෙ බ්ලොගටත් කමෙන්ට් දෙකක් වැටිලා.. ඒත් අප්පා මේකත් බ්ලොගක්ද? හොඳයි පටන් ගමු. මං මේක පටන් ගත්තෙ 9 වසරදි. ඒ ඉතින් ඔය කාලෙට කොල්ලො හැමොටම වගේ එනවා "කම්පියුටර් වැඩ්ඩෙක්/ඉන්ටනෙට් වැඩ්ඩෙක් වෙන අහිංසක චේතනාවක්. "විජය පරිගණක" එකෙන්ද කොහෙද අහුලගත්ත කෑලි ටිකක් බලාගෙන ඔන්න මාත් බ්ලොගක් හැදුවලු. ඒත් දෙයියනේ මේකෙ දාන්නේ මොනවද? එක්කො මොකුත් දාන්න ඕනේ නෑ. දැන් දෙන්නං ඉස්කෝලේ උන්ට තවුසන්ඩ් ටෝක්ස් හෙට. ඔන්න හෙටලු මේ- Zu- මචන්ලා අඩෝ ඔන්න මාත් මගේම කියල වෙබ් සයිට් එකක් හැදුවා. Host කරේ නෑ. Domain නෑ. කීයක්වත් ගියෙ නෑ. Yaluwek- අම්මපා? මොකක්ද උබේ ඔය සයිට් එකේ නම? Zu(සෑහෙන ගැට්ටෙන්)- sunera-sunera.blogspot.com අනිත් උන්- අනේ පල **** යන්න. නොදකිං යකෝ ඕවා අපිටත් තියනව. බ්ලොගක් හදාගන්න එක මහලොකු වැඩක්ද? (සුරු සුරු හඬක් සමග මා වාශ්ප විය) ඕං පස්සේ මට ඇතුළු මගේ පංතියේ සැමට fb පිස්සුව හැදුනලු. කාලයත් එක්ක බ්ලොගක් තිබ්බාද වත් කියල අමතක උනා.... ඕං al කරන්න ආපු මුල් අවුරුද්ද හෙවත් ගිය අවුරුද්දෙදි මට fb එපා උනා... ඊට පස්සේ ගිහින් ප්ලග් උනේ twitter එකට(ඔය කාලෙම වගේ මාව board කරා ගෙදරින් පිට) සෝ සෝ මට ඉතින් fb twitter යන්න තිබුනෙ ෆෝන් කට්ට තමා... ඊට පස්සේ ඉතිං twitter එක හරහා තමා බ්ලොග් කියවන්න සෙට් උනේ. ඕකේත් සිංහල කියවන්න හදාගත්තෙ නෙට් එකෙ සර්ච් කොරල කොරලා. ඒත් ඉතිං කියෙව්වට වැඩක් නෑ comment කොරන්න විදිහක් නෑනේ. කාලයත් එක්ක අපි දියුනු වෙන්න එපැයි. ඔන්න කොල්ලත් symbian ලඩ්ඩ අතෑරල android එකකට බැස්සා(මගේ බ්ලොගේ මං ඇඩ් දැම්මම මොකෝ) ඊට පස්සෙ ඒකට helakuru software එක install කරන් තමා කස්ටියගේ බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් කරන්න මං එන්ටර් උනේ.. අද උදේ අවුරුදූ හතරකට පස්සෙ මගේ බ්ලොගට නිකං ගියාම මෙන්න බොලේ කමෙන්ට් එකක් බ්ලොගක් ලියන්න කියලා.. අම්මපා ඒක එල අයිඩියාර් එක. දැන් නං ලියන්න දෙවල් ඕනේ තරම්.. ඒත් දැන් කාලය තමා ප්‍රශ්නෙ. Al වලට තව මාස 10යි.. ඒකට මැරීගෙන වැඩ කරන්නත් එපැයි. අනික computer එක use කරන්න ගෙදර යන්නත් එපයි.(මේ ටික ලිව්වෙ හෙලකුරු සොෆ්ට්වෙයා එකට පිං සිද්ද වෙන්න) ඉතිං මං අයියලා,අක්කලා (නංගිලා,මල්ලිලා නෑ මං හිතන්නේ) හැමෝගෙන්ම ඉල්ලන්නෙ මට තව මාස 10ක් කල් දෙන්න කියලා. ඊට පස්සේ මාත් ලියන්නම්කෝ.... (කමෙන්ටුවකින් මාව ධෛර්‍ය්මත් කළ හිරුහිමාවී අක්කටයි, අළුත් මල්ලි(අයියා) ටයි මගේ තුති.. එහෙන්ම් යන්න අවසරයි... ツ