Thursday, October 18, 2012

පොයියාගේ කතා-2 ඔර්ලෝසුවක් නැති සුද්දෙක්

කස්ටිය හැමොම දන්නවනේ පොයියා ව. ඕං උගෙ කලින් ආතල් එක බලන්න බැරි උන අයට මෙතනින් ඒක බලන්න පුළුවන්....
මේත් ඒ වගේ පොඩි සීන් එකක්. (ලොකු ලොකු ඒව ලියන්න දැන් වෙලාවක් නෑනෙ)
ඕං දවසක් ඉස්කෝලෙන් වලකට set වෙලා පොයියයි මායි town එකේ ඇවිදිනවලු.. කස්ටිය දන්නවනේ නුවර town එකේ මොන වෙලාවෙ බැලුවත් කාලකන්නි සුද්දෙක් ඉන්නවමයි.
ඉතින් අපි මාළිගාව ලගින් town එකට එන්ටර් වෙනකොටම එතනින් සුද්දෙක් ආපි.. ඒ යකා අපි දෙන්නා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඇවිල්ලා පොයියගෙන් ඇහුවා " excuse me my boy. Can u tell me the time please? " කියලා
( පොර නං මහ හිඟන සුද්දෙක්ද කොහෙද. උට ලංකාවට එන්න සල්ලි තියනවා ඒත් ඔරලෝසුවක් ගන්න සල්ලි නෑ.. මාර උන් තමයි. වෙලාවට මගෙ අතෙත් watch එකක් තිබුනෙ නෑ)

ඉතින් ඕක ඇහුව ගමන්ම දෙන්නටම ක්ෂනිකව දාඩියත් දැම්මා. ඇයි දෙයියනේ විභාගෙට ලකුනු අනූ ගනන් හැමදාම තිබුනට(ඇඩ් එකකි) මේ පාරේ යන එකෙක් එක පාරටම වෙලාව ඇහුවාම දන්න කඩ්ඩ ටිකත් අමතක වෙනවනෙ බයටම.
ඉතිං කරුමෙ කියන්නෙ පොයියා ගාව watch එකක් තිබුනා. මූ බැලුවා watch  එක දිහා. දැන් බයටම මුට වචන එන්නෙත් නෑ... එක පාරටම මූ..
"ටෙන් කාලයි"
සුද්දා උඩ බිම බලනවා. අන්තිමේදි watch එක පෙන්නලා තමා උට වැඩේ තේරුන් කරේ.
කථාවේ ආදර්ශය- කවදාවත් ඉස්කෝලෙන් පනින්න එපා.
               කවදාවත් watch බඳින්න එපා, :D

17 comments:

  1. හිනා කාල මැරෙනවෝ.....:)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ එතන හිටියනං හිනා යයි....

      Delete
    2. අඩේ හිරු කාලෙකින්

      Delete
  2. බොරු එපා පොඩි එකෝ උඹ නේද ගොත ගහගහ ඔය කතාව කිවුවේ...? දැන් ඒකටත් මට්‍ටු පොයියා..
    උඹ අපටත් පොයිය දාන්න නෙව හදන්නේ...!

    ReplyDelete
  3. අනේ නෑ සීයෙ පොයියා පල්ලා මේ කියන්නේ ඇත්තමයි...

    ReplyDelete
  4. ලොල්.... :)

    පව් බං පොයියා...


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පව් නෑ. හොඳ වැඩේ ඕකට watch බඳිනවට...
      එසේම වේවා රජායියා...
      රාජ සම්පත් නැතත් කමක් නෑ AL ගොඩ යනවනං

      Delete
  5. අකුරු ටිකක් ලොකු කරහං බං ඇස් රිදෙනවා

    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. මං මෙව්වා කොටන්නෙ පෝන් එකෙන් නොවැ අටං uncle, සෑහෙන කට්ටක් කනවා ඒකට. ඒකෙ font size එක unavailable නොවැ... කොරන්න දෙයක් නෑ ඉතින්.
      "මෙව්වා කියවන්න තරම් හොඳට මගෙ ඇස් පෙනවානෙ" කියලා සතුටින් මෙනෙහි කරමින් දිගටම ආවනම් තමා හොඳ ;)

      Delete
    2. වයසක උදවිය ගැනත් හිතන්න මල්ලි ඈ

      Delete
  6. හික්ස්......හපොයි..... ඔහොම වෙනවා තමා සමහර වෙලාවට.... කතාවේ ආදර්ශය තමා වැදගත්ම කොටස....හික්.....

    ReplyDelete
    Replies
    1. හෙහෙ, thanxxxxx අක්කියො ආවට,
      ආදර්ශය කෙසේ වෙතත් මම තාම ඒ වැඩ අත ඇරලා නම් නෑ...

      Delete
  7. මලේ අදයි මේ පැත්තට ආවේ . කොල්ලෝ අකුරු ටිකක් ලොකු කරපං අපි වගේ නාකි පොරවල් වලට කියවන්න අමාරුයි නැත්තං.

    ReplyDelete
    Replies
    1. Thanxxxx අයියා ආවට...
      අනේ අයියන්ඩි, මං අටං uncleට දාපු comment එකත් කියවලා මා කෙරෙහි සමාව "භජනය" කරන සේක්වා..
      දිගටම පැමිනෙත්වා.... :)

      Delete
  8. ඔන්න මමත් ආව මේ දිහාවේ.. බ්ලොග් ලෝකේ කරක ගහන ගමන් ආවේ. පොයියා කොහොම වෙතත් විභාගේ ගොඩ යන්න ප්‍රර්ථනා කරනවා. නුවර නේද Zunera?

    ReplyDelete
  9. ඒක ඇත්තටම වුනේ කොයි හමුදුරුවන්ටද දන්නේ නැහැ ,,

    ReplyDelete
  10. හත්වලාමයි ගෙදර උං මාව පිස්සංකොටු ගෙනියනව උඹ තව පොයියගෙ කතා ලිව්වොත් :-D බලපං වෙලාව පොඩ්ඩක් (පොයියගෙ ඔල්ලෝසුවෙන් එපා)අල්ලපු ගෙදර පොඩි එකාත් ඇහැරුනා ;-) දිගටම ලියපං සහෝ හුචස්පෙලින් පස්සේ .. ජය වේවා..

    ReplyDelete