Friday, October 12, 2012

තව මාස 10යි

දෙයියනේ මේං මගෙ බ්ලොගටත් කමෙන්ට් දෙකක් වැටිලා.. ඒත් අප්පා මේකත් බ්ලොගක්ද? හොඳයි පටන් ගමු. මං මේක පටන් ගත්තෙ 9 වසරදි. ඒ ඉතින් ඔය කාලෙට කොල්ලො හැමොටම වගේ එනවා "කම්පියුටර් වැඩ්ඩෙක්/ඉන්ටනෙට් වැඩ්ඩෙක් වෙන අහිංසක චේතනාවක්. "විජය පරිගණක" එකෙන්ද කොහෙද අහුලගත්ත කෑලි ටිකක් බලාගෙන ඔන්න මාත් බ්ලොගක් හැදුවලු. ඒත් දෙයියනේ මේකෙ දාන්නේ මොනවද? එක්කො මොකුත් දාන්න ඕනේ නෑ. දැන් දෙන්නං ඉස්කෝලේ උන්ට තවුසන්ඩ් ටෝක්ස් හෙට. ඔන්න හෙටලු මේ- Zu- මචන්ලා අඩෝ ඔන්න මාත් මගේම කියල වෙබ් සයිට් එකක් හැදුවා. Host කරේ නෑ. Domain නෑ. කීයක්වත් ගියෙ නෑ. Yaluwek- අම්මපා? මොකක්ද උබේ ඔය සයිට් එකේ නම? Zu(සෑහෙන ගැට්ටෙන්)- sunera-sunera.blogspot.com අනිත් උන්- අනේ පල **** යන්න. නොදකිං යකෝ ඕවා අපිටත් තියනව. බ්ලොගක් හදාගන්න එක මහලොකු වැඩක්ද? (සුරු සුරු හඬක් සමග මා වාශ්ප විය) ඕං පස්සේ මට ඇතුළු මගේ පංතියේ සැමට fb පිස්සුව හැදුනලු. කාලයත් එක්ක බ්ලොගක් තිබ්බාද වත් කියල අමතක උනා.... ඕං al කරන්න ආපු මුල් අවුරුද්ද හෙවත් ගිය අවුරුද්දෙදි මට fb එපා උනා... ඊට පස්සේ ගිහින් ප්ලග් උනේ twitter එකට(ඔය කාලෙම වගේ මාව board කරා ගෙදරින් පිට) සෝ සෝ මට ඉතින් fb twitter යන්න තිබුනෙ ෆෝන් කට්ට තමා... ඊට පස්සේ ඉතිං twitter එක හරහා තමා බ්ලොග් කියවන්න සෙට් උනේ. ඕකේත් සිංහල කියවන්න හදාගත්තෙ නෙට් එකෙ සර්ච් කොරල කොරලා. ඒත් ඉතිං කියෙව්වට වැඩක් නෑ comment කොරන්න විදිහක් නෑනේ. කාලයත් එක්ක අපි දියුනු වෙන්න එපැයි. ඔන්න කොල්ලත් symbian ලඩ්ඩ අතෑරල android එකකට බැස්සා(මගේ බ්ලොගේ මං ඇඩ් දැම්මම මොකෝ) ඊට පස්සෙ ඒකට helakuru software එක install කරන් තමා කස්ටියගේ බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් කරන්න මං එන්ටර් උනේ.. අද උදේ අවුරුදූ හතරකට පස්සෙ මගේ බ්ලොගට නිකං ගියාම මෙන්න බොලේ කමෙන්ට් එකක් බ්ලොගක් ලියන්න කියලා.. අම්මපා ඒක එල අයිඩියාර් එක. දැන් නං ලියන්න දෙවල් ඕනේ තරම්.. ඒත් දැන් කාලය තමා ප්‍රශ්නෙ. Al වලට තව මාස 10යි.. ඒකට මැරීගෙන වැඩ කරන්නත් එපැයි. අනික computer එක use කරන්න ගෙදර යන්නත් එපයි.(මේ ටික ලිව්වෙ හෙලකුරු සොෆ්ට්වෙයා එකට පිං සිද්ද වෙන්න) ඉතිං මං අයියලා,අක්කලා (නංගිලා,මල්ලිලා නෑ මං හිතන්නේ) හැමෝගෙන්ම ඉල්ලන්නෙ මට තව මාස 10ක් කල් දෙන්න කියලා. ඊට පස්සේ මාත් ලියන්නම්කෝ.... (කමෙන්ටුවකින් මාව ධෛර්‍ය්මත් කළ හිරුහිමාවී අක්කටයි, අළුත් මල්ලි(අයියා) ටයි මගේ තුති.. එහෙන්ම් යන්න අවසරයි... ツ

4 comments:

  1. අනේ phone එකෙන් ලියද්දි ඡේද වෙන් වෙන්නෙ නෑ.. අනික ලියල ඉවර වෙලා කියවලා බලන්න විදිහකුත් නෑ....
    publish කරාට පස්සෙ තමා තේරෙන්නෙ මේකෙ කිසි ගැලපීමක් නෑ කියලා...

    ReplyDelete
  2. :) හරි මල්ලෝ..හොඳට ඉගෙනගන්නකෝ..ඊට පස්සේ ඇති වෙනකම් ලියමු.ජයම වේවා! :)

    ReplyDelete