Monday, October 15, 2012

පොයියාගේ කථා 1

App එක් වැඩ කිරීමත් සමඟ ඇතිවූ සතුට නිම්හිම් නැතිය. දැන් ඉතින් හැමදාම බැරි උනත් Free වෙලාවක හිතෙන දෙයක් ලියන්න පුළුවන්. ගොඩක් ම තියෙන්නෙ ඉතින් ඉස්කෝලෙ fun තමයි...
මේක තාම ඉතාම ප්‍රාථමික මට්ටමේ testing blog එකක් නිසා වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවනම් තමා හොඳ.
ඒ නිසා anonymus comments ත් active කරා ඕං.
ෂාන් අයියා කිව්වා විදිහට සෙටින්ස් ත් වෙනස් කරා. තව වෙනස් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මට කියල දුන්නොත් ඇත්තෙන්ම ස්තුතියි.

So අපේ සෙක්ශන් එකේ ඉන්නවා බුවෙක් පොයියා කියලා. නමෙන්ම හිතාගන්න පුළුවන්නේ කියන කථා අනුව තමා card එක වැටිලා තියෙන්නෙ.
OL කරන කාලෙනම් අපේ පංතියේ හිටියේ. ඒත් දැන් පොර කරන්නෙ maths. ඒ හින්ද අපේ පංතියෙ නෙවෙයි..
මැන් ඉස්සර බොරු කියද්දි අපි ඒවා ගනන් කරන්න පුරුදු වෙලා හිටියා. ඒත් එකටත් සීමාවක් තියනවනේ ඒ යකා කියන බොරු වල හැටියට ඒව ගනන් කර කර හිටියොත් වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. දැනට man ගැන ඇති... මේ පොර ආශ්‍රිත කථා දෙකක්.

සඳුදා දවසක උදේ(science double)
මේකෙ ඉතින් අපි ඉන්නෙ සෑහෙන බයෙන්. කතා කරනවා,හිනා වෙනව සර් දැක්කොත් බඩු බනිස් එතනම. ඒත් ඉතින් අපි සිර් බෝඩ් එකේ ලියද්දි ලා එකෙන් කයිය දානවා.
(මාත් කිට්ටු වෙලා පොයියා ගාවට රහසින්)
මම- මචං මේ සතියේ saturday night movie බැලුවද itn එකේ??

පොයියා- ආහ් ඔවු බං. දෙකම බැලුවා උබ කියන්නෙ සෙනසුරාදා ගිය එකද නැත්නම් ඉරිද ගිය එකද?
(එතන පේලියම එකවර හිනාවූ නිසා අපි දෙන්නාටම periods 2ක් එලියේ දන ගහගෙන සිටීමේ වාසනාව උදා විය)
මේ ඒ වගේ තවත් එකක්.
පොර ඉන්නේ මාතලේ. එක පාරක් මූ ඉස්කෝලේ දානෙකට මොනවද බාරගෙන එදා උදේ dial එක නෑ. ඉතින් මැඩමුත් ඉවසල ඉවසල බැරිම තැන ගත්ත මුගෙ ගෙදරට කෝල් එකක්...7.25 ට විතර.
මැඩම්-hello ඉ*** පුතා ඉන්නවද?
පොයියා- ආහ් ඔවු. මං තමා කතාකරන්නෙ. කියන්න.
මැ- යකෝ මං class teacher අද එන්නෙ නැද්ද උබ?
පොයියා- ආ මැඩම් මං මේ එන ගමන් ඉන්නෙ. කටුගස්තොට හරියෙ සෑහෙන බ්ලොක් එක. එකයි පොඩ්ඩක් පරක්කු...!!!!

6 comments:

  1. බොලං පොඩි එකෝ. අපි වයසක මීනිස්සු වෙච්චි මේ අකුරු ඩිංගිත්තක් ලොකුවට ලියහංකෝ..!! කතා නම් අපූරුයි ඕං..!

    ගෙහුං එඤ්ඤං..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි uncle මේ පැත්තටත් ආවට..
      ඒ වගේම යෝජනවටත් ස්තුතියි. ඒත් අනේ මං දන්නේ නෑනේ font size එක වෙනස් කරන්නෙ කොහොමද කියලා. ඒක කියලා දුන්නොත් හුගාක් පිං..

      Delete
  2. හික් හික් හික්... බ්ලොගර් එකට ගිහින් එතන T අකුරු දෙකත් එක්ක තියෙන ඇරෝ එක ක්ලික් කරලා ඕන සයිස් එක ‍තෝර ගනින් යාලුවා. ආ.. තව එකක් ආයේ මට අන්කල් කෑල්ල දාලා අහුවුනොත් බලාගෙනයි හොඳේ....!!

    පාං කෑවොත් ඔහොම්මමයි..!

    ReplyDelete
    Replies
    1. Phone එකෙන් ඔය items දාන්න බැරි එකනෙ අවුල

      Delete
  3. හී හී හී.......පිස්සුම කතා තමා..ජයම වේවා මල්ලෝ :)

    ReplyDelete
    Replies
    1. එළ අක්කියෝ හුගාaaaaaaaක් thanxxxxxxxxxx

      Delete